වෙනිසියුලාව ජර්මන් තානාපති නෙරපයි



වෙනිසියුලාවේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීමේ වරදට, ජර්මන් තානාපති ඩැනියෙල් ක්‍රීනර් රටින් නෙරපීමට, වෙනිසියුලා රජය තීරණය කර ඇත.

පැය 48 ක් ඇතුළත වහා වෙනිසියුලාවෙන් පිටවී යන්නැයි වෙනිසියුලා රජය ජර්මන් තානාපතිවරයාට නියෝග කළේ ය.  වෙනිසියුලාවේ ජර්මන් තානාපතිවරයාත්, ජර්මනියත් සහාය දක්වන්නේ වෙනිසියුලාවේ විපක්ෂ නායක යුවාන් ගුඅයිඩෝටය.

යුවාන් ගුඅයිඩෝ වෙනිසියුලාවේ අන්තර්වාර ජනාධිපති ලෙස වෙනිසියුලා විපක්ෂය විසින් නම් කරනු ලැබ ඇත. ඇමෙරිකාව මෙන්ම යුරෝපා සංගමයට අයත් රටවල් රැසක් ද වෙනිසියුලාවේ අන්තර්වාර ජනාධිපති ලෙස ගුඅයිඩෝ පිළිගෙන ඇති අතර, ඔහුට සහාය දක්වයි.

විපක්ෂ නායක ගුඅයිඩෝට සහාය දක්වන සෙසු රටවල තානාපතිවරුන් මෙන්ම තානාපති නිලධාරීන් ද වෙනිසියුලාවෙන් නෙරපා දැමීමට වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝ පියවර ගෙන ඇතැයි ද වාර්තා වේ.

කැරැකස්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS