වෙනිසියුලා විරෝධතාකරුවන්ට ඇමෙරිකාවේ සහාය

නිකලස් මදුරෝ වෙනිසියුලාවේ ජනාධිපතිවරයා ලෙස තමන් පිළිනොගන්නා බව පවසමින්, තමන් වෙනිසියුලා විපක්ෂය සංවිධානය කළ දැවැන්ත විරෝධතාවට සහාය දක්වන බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසා ඇත.
වෙනිසියුලා ජනාධිපතිවරයා පවසා ඇත්තේ විපක්ෂ කණ්ඩායම් තමන්ට එරෙහිව ‘උසි ගන්වන්නේ’ ඇමෙරිකාව කියාය. ඇමෙරිකා සී.අයි.ඒ. බුද්ධි අංශය විපක්ෂ නායක යුවාන් ගුවයිඩෝ ඇතුළු විපක්ෂ කණ්ඩායම්වලට රහසේ උදව් දෙන බවත්, තමන් මරා දැමීමට කුමන්ත්‍රණය කරන බවත් ජනාධිපති මදුරෝ චෝදනා නගා තිබේ.
වෙනිසියුලාව ලතින් ඇමෙරිකා රාජ්‍යයක් වන අතර ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, සෙසු ලතින් ඇමෙරිකා රජ්යවලින් ඉල්ලා ඇත්තේ, වෙනිසියුලා ජනාධිපති මදුරෝට විරෝධය දක්වන ලෙසය. ඒ අනුව, ලතින් ඇමෙරිකා රටවල් වන බ්‍රසීලය, කොලොම්බියාව සහ පේරු රාජ්‍යය පවසා ඇත්තේ වෙනිසියුලාවේ අන්තර්වාර ජනාධිපති ලෙස විපක්ෂ නායක යුවාන් ගුවයිඩෝ ට සහාය පළ කරන බවය.
කැරැකස්හිදීය (රොයිටර්ස්)

