වෙනිසියුලා විපක්ෂ නායක ආපසු වෙනිසියුලාවට



අසල්වැසි කලාපීය රටවල කළ කෙටි සංචාරය අවසන් කරමින්, වෙනිසියුලා විපක්ෂ නායක යුවාන් ගුඅයිඩෝ යළි වෙනිසියුලාවට පැමිණි බව විදෙස් පුවත් සේවා වාර්තා කළේය.

වෙනිසියුලාවේ විපක්ෂ දේශපාලන කණ්ඩායම් විසින් විපක්ෂ නායක යුවාන් ගුඅයිඩෝ රටේ අන්තර්වාර ජනාධිපති ලෙස පිළිගෙන ඇත. ඇමෙරිකාව ඇතුළු රටවල් 50 ක් වෙනිසියුලාවේ ජනාධිපති ලෙස පිළිගෙන ඇත්තේ ද යුවාන් ගුඅයිඩෝය.

විපක්ෂ නායක ගුඅයිඩෝගේ මෙහෙයවීමෙන් ඊයේ කැරැකැස් අගනුවර දැවැන්ත විරෝධතා රැළියක් ද සංවිධානය කර තිබුණි.

ඒ, වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝගේ පාලනයට විරෝධය දක්වමිනි. මේ අතර, වෙනිසියුලා ශ්‍රේෂ්ඨාධිකරණය ගුඅයිඩෝට රටින් පිටවීම තහනම් කර ඇති බව ද වාර්තා වේ.

යුවාන් ගුඅයිඩෝ අසල්වැසි කලාපීය රටවල සංචාරයක නියැලුණේ ඔහුට අවශ්‍ය සහාය ලබා ගැනීමේ අරමුණින් යැයි ද විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

කැරැකස්හිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS