වෙනිසියුලා ජනපතිට එරෙහිව වීදි බසිති

වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝට එරෙහිව, එරට විපක්ෂ දේශපාලන කණ්ඩායම් එක්වී සංවිධානය කළ දැවැන්ත විරෝධතා රැලියක් කැරැකස් අගනුවරදී පැවැත්විණි.
එම විරෝධතාවට ලක්ෂයකට වැඩි පිරිසක් සහභාගී වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. විරෝධතා රැලිය සංවිධානය කළ විපක්ෂ දේශපාලන කණ්ඩායම් ධුරයෙන් ඉවත් වන්නැයි මදුරෝට බල ඛල අතර, විපක්ෂ නායක යුවාන් ගුවයිඩෝ වෙනිසියුලාවේ අන්තර්වාර ජනාධිපති ලෙස පිළිගන්නා බව ද පැවැසීය.
වෙනිසියුලාව අර්බුද රැසකට මුහුණ පා සිටී. අතිඋද්ධමනය, භාණ්ඩ සහ ඉන්ධන මිල ඉහළ යෑම, අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟකම, බලශක්ති අර්බුදය ආදිය ඒ අතරින් කැපී පෙනෙයි.
කැරැකස්හිදීය (රොයිටර්ස්)

