වූහාන් නුවර මිලියන 11 ට පී.සී.ආර්.



2019 වසරේ, 'කොවිඩ් 19' වයිරස වසංගතය ආරම්භ වුණු චීනයේ වූහාන් නුවරින් යළිත් කොරෝනා ආසාදිතයන් වාර්තා වීමට පටන් ගෙන තිබේ.

වූහාන් නුවර වෙසෙන මිලියන 11 කි. වූහාන් සෞඛ්‍ය බලධාරීන් පවසා ඇත්තේ, එම මිලියන 11 දෙනාම මේ වනවිට පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමු කිරීම ආරම්භ කර ඇති බවය.

වූහාන් නුවරින් පමණක් නොව, චීනයේ තවත් නගර 20 කින් සහ පළාත් 18 කින් කොරෝනා ආසාදිතයන් වාර්තා වීමට පටන්ගෙන ඇත. ඒ, පසුගිය ජූලි මාසයේ සිටය.

ඉකුත් දින 10 ඇතුළත හඳුනාගත් නව ආසාදිතයන් ගණන 360 කි.මෙසේ වාර්තා වන්නේ වනවිට 'කොවිඩ් 19 ඩෙල්ටා' වයිරස විකෘතිය ආසාදනය වූවන් යැයි ද තහවුරු වී තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS