විශාලතම මත්පෙති තොගය ඕස්ටේ‍්‍රලියා පොලිසියේ

තායිලන්තයේ සිට ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් නුවර වරායට ලැබුණු ‘අයිස්’ යන නමින් ද හැදින්වෙන මෙතෆෙටමයින් මත්පෙති තොගයක් ඕස්ටේ‍්‍රලියා රේගු බලධාරීන් සහ පොලිසිය එක් වී අත්අඩංගුවට ගත් බවත්, මෙය මෙතෙක් අත්අඩංගුවට ගත් විශාලතම මත්පෙති තොගය බවත් වාර්තා වේ.
මත්පෙති තොගය ශබ්ද විකාශන යන්ත‍්‍රවල ස්පීකර් තුළ සඟා තිබුණි.
මත්පෙති තොගයේ බර ටොන් 1.6 ක් යැයි පැවැසෙයි. එහි වටිනාකම ඇමෙරිකන් ඩොලර් බිලියන 1.2 (රුපියල් කෝටි 14,700) කි.
මෙල්බර්න්හිදීය (රොයිටර්ස්)

