විශාලතම න්‍යෂ්ටික බලාගාරයට පහර දීලා

යුක්රේනයේ ‘සේපෝසේයා’ න්‍යෂ්ටික බලාගාරයට රුසියන් හමුදා පසුගිය 4 වැනිදා ෂෙල් වෙඩි ප්‍රහාරයක් එල්ල කළේය. ප්‍රහාරයෙන් බලාගාරයට දැඩි හානි සිදුවූවා පමණක් නොව, ගින්නක් ද හටගත්තේය.
ගින්න පාලනය කර නිවා දැමීම අසීරු විය. බලාගාරයෙන් විකිරණ කාන්දුවක් සිදුවීමේ අවදානමක් ද හට ගැණුනි. දිවි පරදුවට තබා ගිනි නිවන භට කණ්ඩායම් කීපයක් ගින්න සමඟ සටන් කරද්දී, විකිරණ කාන්දු නොවී බලාගාරය ස්ථාවර තත්ත්වයෙන් පවත්වා ගැනීමට එහි ඉන්ජිනේරුවෝ දැඩි වෙහෙසක් දරන්න වූහ.
‘සේපෝසේයා’ පිහිටි ‘සේපෝසේයා’ න්‍යෂ්ටික බලාගාරය එසේ මෙසේ න්‍යෂ්ටික බලාගාරයක් හෝ තවත් එක් න්‍යෂ්ටික බලාගාරයක් හෝ නොවෙයි. යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික බලාගාරය මෙයයි.
යුක්රේනයේ විදුලි බල අවශ්‍යතාවලින් සියයට 40 ක් සපුරාලන්නේ ‘සේපෝසේයා’ උදව්වෙනි. රුසියන් හමුදා කළ ප්‍රහාරයෙන් පසු බලාගාරයේ කටයුතු අඩපණ වුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
බලාගාරයට ෂෙල් වෙඩි ප්‍රහාරයක් එල්ල වුණු බවත් ගින්නක් හටගත් බවත් වීඩියෝ පණිවුඩයක් හරහා ලොවට කියා සිටියේ යුක්රේන රජයේ ප්‍රකාශක අන්ද්රේ ටුස් ය. ෂෙල් වෙඩි ප්‍රහාරයට ලක් වීමෙන් බලාගාරය ගිනි ගන්නා අයුරු විදෙස් මාධ්‍ය ඔස්සේ දකින්න ලැබුණි.
‘සේපෝසේයා’ බලාගාරයට එල්ල වුණු ප්‍රහාරයත්, විකිරණ කාන්දුවක් සිදුවීමේ අවදානමක් හටගැනීමත් සමඟ අතීත අමිහිරි සිදුවීමක් දෝංකාර දෙන්න පටන් ගත්තේය. ඒ, චර්නෝබිල් න්‍යෂ්ටික බලාගාරයේ සිදුවුණු අනතුරය.
චර්නෝබිල් න්‍යෂ්ටික බලාගාරය ඇත්තේ යුක්රේනයේය. 1986 වසරේ අප්‍රේල් 26 වැනිදා, චර්නෝබිල් බලාගාරයේ අනතුරක් සිදුවිය. මහා පිපිරුමක් සිදුවිය. ඒ, ඉන්ජිනේරුවන් එහි ප්‍රතික්‍රියාකාරකය සම්බන්ධයෙන් අත්හදා බැලීමක් සිදු කරමින් සිටිය්ද්දීය. පිපිරුමත් සමඟ විකිරණ කාන්දුවක් සිදුවිය.
සෘජුව විකිරණ කාන්දුවට අනාවරණය වුණු 100 කට වැඩි පිරිසක් මියගියහ. චර්නෝබිල් බලාගාරයෙන් නිකුත් වුණු විකරණ යුරෝපා රටවලටත් පැතිර යන්න විය.
ලොව සිදුවුණු දරුණුතම න්‍යෂ්ටික අනතුර මෙයයි. ‘සේපෝසේයා’ මුල්කොට ගනිමින් මෙවැනි අනතුරක් සිදුවුවහොත් එය චර්නෝබිල් අනතුර මෙන් 10 ගුණයකින් බිහිසුණු වනු ඇතැයි න්‍යෂ්ටික ඉන්ජිනේරුවන්ගේ අදහසය.
(රොයිටර්)

