විශාඛාපට්නම් වරායේ ගින්නක්



ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ විශාඛාපට්නම් වරායේ ගින්නක් හටගත්තේය. ගින්න ඉතා වේගයෙන් පැතිර ගියේ ධීවර බෝට්ටු 25 ක් සම්පූර්ණයෙන් විනාශ කරමිණි.

ගින්න නිවා දැමීමටත් පාලනය කිරීමටත් ඉන්දීය නාවික හමුදාවේ නාවික යාත්‍රාවල සහාය ලබා ගැනීමට නගර බලධාරීන්ට සිදුවිය. ගින්න හටගත්තේ මධ්‍යම රාත්‍රියේය. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.

ධීවර බෝට්ටු විනාශ වීමෙන් සිදුවුණු පාඩුව ඉන්දීය රුපියල් කෝටි 4 ක් හෝ 5 ක් යැයි ප්‍රාන්ත බලධාරීහු පවසති. විනාශ වුණු එක් බෝට්ටුවක් ලක්ෂ 15 ක් පමන වටිනාකමකින් යුත්ත බව ද පැවැසෙයි.


RECOMMEND POSTS