විශ්වයෙන් අබිරහස් සංඥාවක්



ආලෝක වර්ෂ බිලියන තුනක් ඈතින්, වෙනත් මන්දාකිණියක සිට අබිරහස් ගුවන් විදුලි සංඥාවක් ලැබෙමින් පවතින බව තාරතා විද්‍යාඥයෝ පවසති.

විද්‍යාඥයන් පැහැදිලි කර ඇත්තේ ලැබෙන එම සංඥාව එකම ආකාරයට යළි යළි ලැබී ඇති බවය. සාමාන්‍යයෙන් ගුවන් විදුලි කෙටි තරංග විශ්වයේ ඈතින් ලැබීම සාමාන්‍ය දෙයකි. එත් මෙම සංඥාව ගැන විද්‍යාඥයන් පුදුමයට පත්වී ඇත්තේ එම සංඥාවේ මූලාරම්භය අපැහැදිලි බැවින් යැයි පැවැසෙයි.

මෙම අබිරහස් ගුවන් විදුලි සංඥාව හසුකර ගැනීමට තාරකා විද්‍යාඥයන් සමත් වී ඇත්තේ චීනයේ ග්වයිෂූ පළාතේ දැවැන්ත ගුවන් විදුලි තරංග දුරේක්ෂය ආධාරයෙනි. 

(රොයිටර්)


RECOMMEND POSTS