විශ්ව විද්‍යාල සහ පාසල් යළි ඇරෙයි
බංග්ලාදේශයේ මාසයකට වැඩි කාලයක් වසා දමා තිබූ විශ්වවිද්‍යාල, ද්විතීයික පාසල් සහ විද්‍යාල ඇතුළු සියලුම අධ්‍යාපන ආයතන ඊයේ (18) නැවත වරක් විවෘත කළේය.
රජයේ රැකියා කෝටාවට විරෝධය පාමින් ඇරඹි විරෝධතා ප්‍රචණ්ඩවීම හේතුවෙන් සිසුන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා පසුගිය ජූලි 17 වැනිදා බංග්ලාදේශයේ සියලුම විශ්වවිද්‍යාල, ද්විතීයික පාසල් සහ විද්‍යාල ඇතුළු සියලුම අධ්‍යාපන ආයතන වසා දැමුණේය. එරට සියලුම අධ්‍යාපන ආයතන ඊයේ (18) සිට විවෘත කරන ලෙස පසුගිය බ්‍රහස්පතින්දා බංග්ලාදේශ අධ්‍යාපන අමාත්‍යාංශය නියෝග කළේය.
බංග්ලාදේශ අන්තර්වාර රජයේ ප්‍රධාන උපදේශක ආචාර්ය මොහොම්මද් යූනුස්ගේ උපදෙස් පරිදි මෙම නියෝගය නිකුත් කරන බවත් ඊයේ (18) සිට සියලුම අධ්‍යාපන ආයතනවල අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්නා ලෙස මින් උපදෙස් ලබා දෙන බවත් එම නියෝගයේ සඳහන් විය.