වියට්නාම් වැසියන්ට කියුබානු එන්නත



ඇමෙරිකාවේ සම්බාධක මැද කියුබානු විද්‍යාඥයන් ඔවුන්ගේතාක්ෂණය භාවිතයට ගනිමින් නිපදවූ 'ඇබ්ඩාලා' කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ එන්නත, වියට්නාම් වැසියන්ට ලබා දීම ආරම්භ විය.

වියට්නාමය අග්නිදිග ආසියානු රටකි. කියුබාවේ 'ඇබ්ඩාලා' එන්නත ආසියානු රටක වැසියන්ට ලබා දීම සිදුවන පළමු අවස්ථාව වන්නේ මෙයයි. කියුබාව සහ වියට්නාමය කොමියුනිස්ට් රාජ්‍යයන් වන අතර දෙරට අතර සමීප සබඳතා පවතී.

කියුබාව ඔවුන්ගේ 'ඇබ්ඩාලා' සම්බන්ධයෙන් වියට්නාම රජය සහ සෞඛ්‍ය අංශ දැනුවත් කළේ පසුගිය ජූනි මාසයේදීය. ඉන්පසු 'ඇබ්ඩාලා' එන්නත දේශීයව නිපදවීමට වියට්නාමය කැමැත්ත පළ කළේය. ඊයේ (18) සිට වියට්නාම් වැසියන්ට ලැබෙන්නේ වියට්නාමයේ නිපදවූ 'ඇබ්ඩාලා' එන්නතය.

'ඇබ්ඩාලා' එන්නත වියට්නාම් වැසියන්ට ලබා දීම සිදුවූයේ එන්නත සම්බන්ධයෙන් වියට්නාම් සෞඛ්‍ය බලධාරීන්ගේ මැදිහත්වීමෙන් පුළුල් සායනික අත්හදා බැලීම් සිදු කිරීමෙන් අනතුරුවය. එම අත්හදා බැලීම් සාර්ථක වීමෙන් පසු එන්නත ජනතාවට ලබා දීම සුදුසු යැයි වියට්නාම සෞඛ්‍ය අමත්‍යාංශය තීරණය කළේය.

(රොයිටර්)


RECOMMEND POSTS