වියට්නාමයේ ආසාදිතයන් හැමෝම සුවවෙලා

චීනයෙන් ආරම්භ වූ ‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ලොව පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙද්දී, වියට්නාමය පවසා ඇත්තේ, එරටින් හමුවුණු කෝවිඞ් ආසාදිතයන් සියලු දෙනා සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් නික්ම ගොස් ඇති බවය.
වියට්නාමයෙන් ආසාදිතයන් 16 ක් හමුවිය. ඔවුන් අතර 73 හැවිරිදි අයකු සිටි බවත්, ඔහු ද සම්පූර්ණයෙන් සුවය ලබා ඇති බවත් වියට්නාම් සෞඛ්‍ය බලධාරීහු පෙන්වා දෙති.
ගතවුණු දින 15 ඇතුළත වෙනත් කිසිදු කොරෝනා ආසාදිතයකු හමු නොවුණු බව ද වියට්මානය පවසා ඇත. ආසාදිතයන් සියල්ලන්ම සුවවීම ‘හාස්කමක්’ යැයි ඇතැම් විදෙස් පුවත් සේවා වාර්තා කර තිබේ.
(අල් ජසීරා)

