වියට්නාමයෙන් යළිත් ‘කොවිඞ් 19’ ආසාදිතයෙක්



සාර්ථක ලෙස ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය මර්දනය කිරීමට සමත් වූ වියට්නාමයෙන් යළි කොරෝනා ආසාදිතයකු හමුවුණු බව වාර්තා වේ.

කෙසේ නමුත් හමුවුණු මෙම ආසාදිතයා වියට්නාමයට පැමිණි බි්‍රතාන්‍ය ජාතික තෙල් කැණීම් කටයුතු සම්බන්ධ විශේෂඥවරයෙකි. වියට්නාමයට පැමිණි අවස්ථාවේ ආරක්ෂිත පියවරක් ලෙස මොහු දින 14 ක නිරෝධායන ක්‍රියාවලියකට ලක් කෙරුණු බවත්, එසේ නිරෝධායනය වී සිටිද්දී රෝග ලක්ෂණ මතුවුණු බවත් වියට්නාම් සෞඛ්‍ය බලධාරීහු පැහැදිලි කරති. වියට්නාමයේ මේ අයුරින් ‘කොවිඞ් 19’ ආසාදිතයකු හමුවූයේ දින 9 කට පසුවය.

වියට්නාමයේ මේවනවිට 30,500 ක පිරිසක් නිරෝධායනයට යොමු කර ඇති බවත්, ‘කොවිඞ් 19’ පරීක්ෂණ 2,61,000 ක් සිදු කර ඇති බවත් වාර්තා වේ.

මිලියන 95 ක ජනහනයක් වෙහෙසන වියට්නාමය සංවර්ධනය වෙමින් පවතින දිළිඳු රාජ්‍යයක් වන අතර, චීනයට ද මායිම්ව පිහිටින වියට්නාමය ‘කොවිඞ් 19’ වයිරස ව්‍යාප්තිය පාලනය කිරීම සෙසු රටවල අවධානයට යොමු වී තිබේ. 

පසුගිය අප්‍රේල් 28 වැනිදා දක්වා වියට්නාමයෙන් හමුවුණු ආසාදිතයන් ගණන 270 කි. නව ආසාදිතයා සමඟ එම ගණන 271 දක්වා ඉහළ ගොස් ඇත. කෙසේ නමුත් තවමත් වියට්නාමයෙන් මරණ කිසිවක් වාර්තා වී නැත.

හැනොයිහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS