විමර්ශනයකට අවසර දෙනවා

‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයෙන් එල්ල වන තර්ජන අවසන් වූ පසු වයිරසයේ ආරම්භය සහ එහි ව්‍යාප්තිය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය පවත්වන ඕනෑම ආකාරයේ විමර්ශනයක් සඳහා අවසර දෙන බව චීන ජනාධිපති ෂී ජින්පින් අවධාරණය කළේය.
‘කොවිඞ් 19’ වයිරසය ආරම්භ වූයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරය කේන්ද්‍රකොට ගනිමිනි. ආසියාවේ විශාලතම වයිරස ගබඩාව යන නමින් ද හැඳින්වෙන චීන රජයට අයත් වයිරස රසායනාගාරය පිහිටා ඇත්තේ ද වූහාන් නගරයේය.
වයිරසය මෙම රසායනාගාරය තුළ කෘත්‍රිමව නිපදවන්න ඇති බවත් එය හිතාමතා හෝ අත්වැරැදීමකින් හෝ සමාජයට මුදා හැරුණු බවත් ඇමෙරිකාව චෝදනා කරයි. බටහිර බුද්ධි අංශ රැසක් ද ඔවුන්ගේ බුද්ධි වාර්තාවල දක්වා ඇත්තේ එය එසේ විය හැකි බවටය.
මීට අමතරව, ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයේ රූකඩයක් බවත්, ලෝක සෞඛ්‍ය සංවිධානය සම්බන්ධයෙන් ඉතා ඉක්මනින් තීරණයක් ගැනීමට පියවර ගන්නා බවත් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් චෝදනා කර ඇත.
‘කොවිඞ් 19’ වයිරසයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් චීනයේ කීමට සැබෑ තොරතුරු වසං කළ බවටත්, ලෝක සෞඛ්‍ය සංවිධානය වයිරසය පිළිබඳ ලොවට අනතුරු ඇඟවූයේ ප්‍රමාද වී බවටත් ඇමෙරිකන් ජනධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් වැඩිදුරටත් පවසා ඇති අතර බටහිර රටවල්, ඉන්දියාව, නවසීලන්තය සහ ඕස්ටේ්රලියාව පවා එය අනුමත කර තිබේ.
එල්ල වන මෙම සියලු චෝදනා චීනය ප්‍රතික්ෂේප කරයි. එසේ වුවත් ජාත්‍යන්තරය විමර්ශනයක් සිදු කිරීමට අපේක්ෂා කරන්නේ නම්, චීන රජය ඒ සඳහා අවස්ථාවක් ලබා දීමට පියවර ගන්නා බවත්, එය චීනයේ වගකීමක් බවත් ජනාධිපති ෂී ජින්පින් වීඩියෝ පණිවුඩයක් හරහා පවසා ඇත.
එමෙන්ම, ‘කොවිඞ් 19’ පිටුදැකීම වෙනුවෙන් චීනය ඇමෙරිකන් ඩොලර් බිලියන දෙකක විශේෂ මුදලක ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබා දෙන බව ද ජනාධිපති ෂී ජින්පින් පෙන්වා දුන්නේය. එම මුදල් ලබා දෙන්නේ වසර දෙකක කාලයක් තුළය.
බීජීංහිදීය (රොයිටර්)

