විපතට පත්වූවන් මුදා ගන්න හමුදාව



හැගිබිස් චන්ඩ මාරුතයෙන් විපතට පත්වූවන් මුදා ගැනීමට ජපාන රජය හමුදාව යොදවා ඇත.

හමුදා සොල්දාදුවන් දහස් ගණනක් මේ වනවිටත් ජපන් සහන සේවා නිලධාරීන් සමඟ එක්වී දිවි බේරා ගැනීමේ මෙහෙයුම්වල නියැලෙන බව පැවැසෙයි.

චණ්ඩ මාරුතය හේතුවෙන් මියගිය ගණන 23 දක්වා ඉහළ ගොස් ඇති බවත් දස දහස් ගණනකට උන්හිටිතැන් අහිමි වී ඇති බවත් පැවැසෙයි.

ජල ගැලීම් හේතුවෙන් කොටුවුණු පිරිස් මුදා ගැනීමට හෙලිකොප්ටර් යානා යොදවා ඇතැයි ද වාර්තා වේ. දශක 6 කට පසු ජපානයට කඩා වැදුණු  ප්‍රචණ්ඩතම චණ්ඩ මාරුතය ලෙස මෙය සැලකෙන බව ජපන් කාලගුණ විද්‍යාඥයෝ කියති.

(අල් ජසීරා)

 


RECOMMEND POSTS