විපක්ෂ අපේක්ෂකයන් ඉදිරියට

බ්‍රසීල මහ මැතිවරණය පැවැත්වුණු අතර, එයින් ඉදිරියට පැමිණියේ විපක්ෂ අපේක්ෂක අන්ත දක්ෂිණාංශික ලිබරල් පක්ෂයේ නායක ජේර් බොල්සොනාරෝ ය.
කෙසේ නමුත් බොල්සොනාරෝට සියයට 50 කට වැඩි ඡුන්ද ප්‍රතිශතයක් හිමිකර ගැනීමට හැකිවූයේ නැත. බොල්සොනාරෝ සහ ඔහුගේ ලිබරල් පක්ෂයට දිනා ගැනීමට හැකිවූයේ සියයට 47 ක ඡන්ද ප්රතිශතයකි.
ඒ අනුව, බොල්සොනාරෝ සහ තවත් විපක්ෂ අපේක්ෂකයකු වන සමාජවාදී පක්ෂයේ ෆර්නැන්ඩෝ හැඩාඞ් අතරේ දෙවැනි වටය පැවැත්වෙයි. ෆර්නැන්ඩෝ හැඩාඞ් සහ සමාජවාදී පක්ෂය හිමිකරගෙන ඇත්තේ සියයට 29 ක ඡුන්ද ප්රතිශතයකි. දෙවැනි වටය ලබන 28 වැනිදා පැවැත්වෙයි.
මහ මැතිවරණය පැවැත්වූයේ ජනාධිපතිවරයකු, උප ජනාධිපතිවරයකු, පාර්ලිමේන්තු නියෝජිතයන්, පළාත් පාලන නියෝජිතයන් සහ ආණ්ඩුකාරවරුන් තෝරා පත් කර ගැනීම සඳහාය. පසුගිය සැප්තැම්බර් 7 වැනිදා මැතිවරණ රැළියකදී, ජනතාව අතරට ගිය අවස්ථාවේදී 63 හැවිරිදි බොල්සොනාරෝ පිහි ප්‍රහාරයකට ලක් වී බරපතල තුවාල ලැබීය.
බඩවැල්වලට දරුණු ලෙස තුවාලවීම හේතුවෙන්, බොල්සොනාරෝ කඩිනමින් රෝහල් ගත කළ බවත්, සැත්කමකට භාජන කළ බවත් වාර්තා විය. කෙසේ නමුත් රෝහල්ගත වීම නිසා බොල්සොනාරෝ ඉන්පසු පැවැත්වුණු මැතිවරණ රැුළිවලට සහභාගී වූයේ ද නැත.
වාමාංශික කම්කරු පක්ෂය මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කිරීමට සූදානම් වූයේ දූෂණ චෝදනා හේතුවෙන් සිර දඬුවම් විඳින බ්‍රසීලයේ හිටපු ජනාධිපති ලූලා ද සිල්වාය. ලූලා ද සිල්වා ජනපති අපේක්ෂකයා ලෙස කම්කරු පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබුණේ ඒකමතිකවය.
කෙසේ නමුත් ජනපතිවරණයට ඉදිරිපත් වීමට ලූලා ද සිල්වාට අධිකරණයෙන් අවසරයක් ලැබුණේ නැත. එහෙයින්, කම්කරු පක්ෂය තෝරා ගත් අපේක්ෂකයා වූයේ 55 හැවිරිදි ෆර්නැන්ඩෝ හැඩෑඞ්ය.

බ්‍රසීල දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ හිටපු ජනාධිපති ලූලා ද සිල්වා තරම් ජනතා ආකර්ශණයක් දිනා ගැනීමට ෆර්නැන්ඩෝ හැඩෑඞ් ට හැකියාවක් නැති බවය.
එහෙයින්, දෙවැනි වටයේ ඡන්ද විමසුමේදී ෆර්නැන්ඩෝ හැඩෑඞ් සහ කම්කරු පක්ෂය ජයග්‍රහණය කිරීම සැක සහිත බව දේශපාලන විශ්ලේෂකයෝ වැඩි දුරටත් පෙන්වා දෙති.
(ඒ.එෆ්.පී.)

