විපක්ෂ අපේක්ෂක ඉදිරියෙන්



ජන රැලියකදී පිහි අනුම් ප‍්‍රහාරයකට ලක් වුණු බ‍්‍රසීල විපක්ෂ දේශපාලන අපේක්ෂක ජේර් බොල්සොනාරෝගේ තත්ත්වය යහපත් බවත්, ජනපතිවරණයේ ඉදිරියෙන්ම සිටින අපේක්ෂකයා ඔහු බවත් එරට පුවත් සේවා වාර්තා කරයි.

ජේර් බොල්සොනාරෝ අන්ත දක්ෂිණාංශික දේශපාලනඥයෙකි. ඔහු පිහි ඇනුම් ප‍්‍රහාරයකට ලක් වූයේ පසුගිය සතියේ ජනතා රැලියක් අතරතුරේදීය. වහා රෝහල් ගත කළ ජේර් බොල්සොනාරෝ සැත්කමකට භාජන විය.

සිදුකළ ජනමත සමීක්ෂණ අනුව මේ වනවිට ඉදිරියෙන් සිටින්නේ 63 හැවිරිදි ජේර් බොල්සොනාරෝගේ බව බ‍්‍රසීල පුවත් සේවා වැඩිදුරටත් වාර්තා කර ඇත.

(අල් ජසීරා)


RECOMMEND POSTS