විනිවිද පෙනෙන මන්දාකිණියක්

තාරකා භෞතික විද්‍යාඥයන්ට විනිවිද පෙනෙන මන්දාකිණියක් සොයා ගැනීමට හැකි වී ඇති බවත්, එම මන්දාකිණිය විද්‍යාඥයන් මවිතයට පත් කිරීමට සමත් වී ඇති බවත් විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
විද්‍යාඥයන් පෙන්වා දෙන අන්දමට මෙම මන්දාකිණියේ ‘අඳුරු පදාර්ථ’ නැත. එය විනිවිද පෙනෙන මන්දාකිණියක් යැයි විද්‍යාඥයන් පවසා ඇත්තේ ඒ නිසාය. මෙම මන්දාකිණිය අප කිරි සයුර තරම් ප්‍රමාණයෙන් විශාල යැයි ද පැවැසෙයි.
මෙවැනි විනිවිද පෙනෙන මන්දාකිණියක් මීට පෙර තාරකා විද්‍යාඥයන්ට හමුවී නැති බවත්, මෙම මන්දාකිණිය විශ්වය පිළිබඳ අපේ දැනුම පුළුල් කර ගැනීමට හේතු වනු ඇති බවත් විද්‍යාඥයෝ වැඩි දුරටත් පැහැදිලි කර දෙති.
(ඒ.එෆ්.පී.)

