විනාඩි පහෙන් කොරෝනා පරීක්ෂණයක්
විනාඩි පහක් වැනි කෙටි කාලයක් ඇතුළත කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතිද යන්න සෙවීමේ නව පරීක්ෂණ ක්‍රමයක් බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පර්යේෂකයන් හදුන්වා දී තිබේ.
මෙම නව පරීක්ෂණ ක්‍රමය යොදා ගනිමින්, ගුවන්තොටුපොළ සහ කාර්යාලවල කොරෝනා ආසාදිතයන් කඩිවමින් හදුනා ගැනීම කළ හැකි බව පැවැසෙයි. ලබන 2021 වසරේ සිට මේ සදහා අවශ්‍ය පරීක්ෂණ කට්ටල හදුන්වා දෙන බව ද ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය වැඩි දුරටත් පවසා තිබේ.
(රොයිටර්)

