විනාඩි 4 කින් පිළිකා සැත්කමක්

ඩුබායි ඇමරිකානු රෝහලේ වෛද්‍යවරුන් කණ්ඩායමක් විනාඩි හතරකින් ඉතා සාර්ථක ලෙස අටවන කපාල ස්නායු පිළිකා ශල්‍ය කර්මයක් සිදුකර ඇති බව අරාබියන් බිස්නස් වෙබ් අඩවිය වාර්තා කලේය.
ගල්ෆ් කලාපයේ විනාඩි හතරකින් සිදුකල පළමු සාර්ථක ශල්‍ය කර්යම මෙය වන බව වාර්තා වේ.
ශල්‍ය කර්මයට භාජනවු රෝගියා එදිනම රෝහලෙන් පිටව ගිය බව වාර්තා වේ.
ගල්ෆ් කලාපයේ රටක් අත් කරගත් සුවිශාල ජයග්‍රහණයක් මෙන්ම වෛද්‍ය ක්ෂේත්රයේ විශාල දියුණුවක්ද මෙමගින් පෙන්නුම් කෙරෙනු ඇත.
“අපගේ අරමුණ නිරෝගී පටකවලට අවම හානියක් සිදුකරමින් ඉක්මන්, ඵලදායි සහ නිවැරදිව ප්‍රතිකාර කිරීම තහවුරු කිරීමයි.
ඉක්මනින්, රෝගීන්ට අවම වේදනාවක් ගෙනදෙන ආකාරයෙන් ශල්‍යකර්මය සිදුකිරීමටත්, රෝගින්ට දිගුකාලයක් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ලබාදීමටත්, පිළිකාවලින් තොර සමාජයක් නිර්මාණය කිරීමටත් අපට හැකිවෙයි කියලා ලොකු විශ්වාසයක් තියනවා.’’ ඩුබායි ඇමරිකානු රෝහලේඅධ්යක්ෂ, වෛද්‍ය තාරික් ඩුෆාන් ප්‍රකාශ කලේය.
ජානක ප්‍රියදර්ශන ජයතිලක
(අරාබියන් බිස්නස් පුවත් ඇසුරෙන්)

