විදේශීයව නිපදවන චිත්‍රපටවලට බදු
ඇමෙරිකාවෙන් පිටත නිෂ්පාදනය කරන සියලුම චිත්‍රපට සඳහා සියයට 100 ක තීරු බදු අය කිරීමට ට්‍රම්ප් පරිපාලනය තීරණය කර ඇත. ඇමෙරිකන් ජනාධිපතිවරයා මේ බව නිවේදනය කළේ ඔහුගේ ටෲත් සෝෂල් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේය.
කෙසේ නමුත් එම තීරු බදු පැනවීම සිදුකරන්නේ කවදා ද හෝ කෙසේද යන්න නිශ්චිතව දක්වා නොමැති බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මෙම තීරුබදු පැනවිය සිදු කරනු ලැබුවහොත්, එය සේවාවක් සඳහා තීරුබදු පැනවූ පළමු අවස්ථාව වනු ඇති බව ඇමෙරිකන් මාධ්‍ය වැඩි දුරටත් පැහැදිලි කර ඇත.