විදේශීය වෛද්‍යවරයාට වසරක සිර දඩුවමක්

කුවේට් රාජ්‍යයේ සේවය කල විදේශීය වෛද්‍යවරයෙකු විසින් රෝගියෙකුට වැරදි ආකාරයෙන් ශල්‍ය කර්මයක් සිදුකිරීම හේතුවෙන් එම රෝගියා සංකූලතාවයකට පත්ව ඇති අතර ශල්‍ය කර්මය සිදුකල වෛද්‍යවරයෙකුට වසරක සිරදඩුවමක් සහ වන්දි ගෙවීමට අධිකරණය නියෝග කල බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කලේය.
මුලික විමර්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ වෛද්‍යවරයාගේ නොසැලිකිලිමත්කම සංකූලතාවය ඇතිවීම හේතුවී ඇති බවය.
සංකූලතාවය ඇතිවීමෙන් පසු වෛද්‍යවරයා රෝගියාට ප්‍රතිකාර සිදුකිරීම නතර කර ඇති අතර වෙනත් රෝහලකට රෝගියාව මාරුකර යැවීමට කටයුතු කර නොමැති බව තහවුරුවී ඇත.
සිද්ධයට සම්බන්ධ නඩුව සිවිල් අධිකරණයේදි විභාගවූ අතර එහිදි දෙන ලද තීන්දුවට අනුව වසරක සිර දඩුවමින් පසු වෛද්‍යවරයාව රටින් පිටුවහල් කරනු ලැබේ.
ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


