විකෘති කොරෝනා ප්‍රභේදයක් ඉන්දුනීසියාවේ
ගෝලීය වසංගතයක් වූ කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරසයේ විකෘති නව ප්‍රභේදයක් ඉන්දුනීසියාවෙන් ද හමුවුණැයි ජකර්තා වෛද්‍ය පර්යේෂකයෝ පවසති.
මේ වනවිට මැලේසියාවෙන්, සිංගප්පූරුවෙන් පමණක් නොව, යුරෝපයෙන් සහ ලතින් ඇමෙරිකා රටවලින් ද මේ අයුරින් විකෘති වූ කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරසයේ ප්‍රභේද හමුවී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.
ඉන්දුනීසියාව කොරෝනා වයිරසය ඉහවහා ගිය ආසියානු රටකි. ඉන්දුනීසියාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන් ගණන 172,053 කි. අද (30) දිනයේ පමණක් ඉන්දුනීසියාවෙන් වාර්තා වූ ආසාදිතයන් ගණන 2,858 කි.
(රොයිටර්)

