වැඩිපුර එන්නත් මිලියනයක් විනාශ කරලා



නිසි වයස් කාණ්ඩවල සියලු දෙනාට එන්නත් ලබා දීමෙන් පසු ඉතිරි වුණු එන්නත් මාත්‍රා මිලියන 1.1 ක් විනාශ කළ බව ඩෙන්මාර්ක රජය පවසයි.

මෙම එන්නත් වෙනත් රටකට විකිණීමට හෝ ප්‍රදානය කිරීමට හෝ නොහැකි වූයේ ඒවා තව නොබෝ දිනකින් කල් ඉකුත් වන නිසා යැයි ඩෙන්මාර්ක සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

මේ වනවිට ඩෙන්මාර්කයේ ද 'කොවිඩ් 19' ව්‍යාප්තියේ පාලනයක් දකින්න ලැබේ. ජනගහනයෙන් වැඩි දෙනකු එන්නත්කරණයට ලක්වී සිටීම ඊට හේතුව යැයි එරට සෞඛ්‍ය අංශ පැහැදිලි කරයි.

(රොයිටර්)


RECOMMEND POSTS