වැඩ නොකරන සතියයක්



'කොවිඩ් 19' ආසාදිතයන්, හිටිහැටියේ වැඩිවීම සැලකිල්ලට ගනිමින්, 'වැඩ නොකරන සතියක්' ලෙස එක් සතියක් ප්‍රකාශයට පත් කරමින්, මොස්කව් අගනුවර සියලු කටයුතු සතියක කාලයක් සම්පූර්ණයෙන් නවතා දැමීමට රජය තීරණය කර තිබේ.

ඊයේ (13) දිනයෙන්, රුසියාවෙන් කොවිඩ් ආසාදිතයන් 6,701 දෙනකු වාර්තා විය. පසුගිය පෙබරවාරි මාසයෙන් පසු, මොස්කව් නුවරින් වැඩිම ආසාදිතයන් වාර්තා වූ පළමු අවස්ථාව මෙයයි.

ඒ අනුව සෞඛ්‍ය අංශ ලබා දුන් උපදෙස් අනුව, අගනුවර සතියක් වසා දැමීමට මොස්කව් නගර බලධාරීන් තීරණය කළ අවස්ථාවේදී, රුසියන් රජයේ අනුමැතිය වහා ඊට හිමිවිය.

ඒ අනුව හෙට (15) වැනිදා සිට සතියක කාලයක්, වැටුප් සහිත වැඩ නොකරන සතියක් ප්‍රකාශයට පත්කිරීමට මොස්කව් නගරාධිපතිවරයා ඊයේ (14) කටයුතු කළේය.

මේ වනවිට රුසියාවෙන් වාර්තා වන සමස්ත 'කොවිඩ් 19' වයිරස ආසාදිතයන් ගණන 5,208,687 කි. සමස්ත මරණ වාර්තා වන්නේ 126,430 ක් ලෙසය. 4,801,335 ක් සුවය ලබා ඇත. රුසියාව, එරට වැසියන්ට ලබා දෙන්නේ ඔවුන් නිපදවා ඇති 'ස්පුට්නික් 5' ප්‍රතිශක්තිකරණ එන්නතය.

මොස්කව් නුවරදීය (රොයිටර්)


RECOMMEND POSTS