වාහනයත් සමඟ කන්දෙන් පහළට



වයස අවුරුදු 21ක එමිරේට්ස් ජාතිකයෙකු ධාවනය කල වාහනය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් කන්දකින් පහළට පෙරළි ජිවිතක්ෂයට පත්වීමේ පුවතක් රාස් අල්-කයීමා නගරයෙන් වාර්තා වන බව Al Bayan පුවත්පත වාර්තා කළේය.   

ජීවිතාරක්ෂක කණ්ඩායම් සහ සංචාරක පොලිස් ඒකකයන් අනතුර සිදුවූ  ස්ථානයට ලඟා වන විටත් ඔහු ජීවිතක්ෂයට පත්වී සිටි බව වාර්තා වේ. 

අධික වේගයෙන් රිය ධාවනය කිරීම නිසා අනතුර සිදුවූ බව මුලික පරීක්ෂණ වලින් තහවුරුවී ඇත. 

මාරක රිය අනතුරු වළක්වි ගැනීම සඳහා මාර්ග නීතිරීති නිසි ආකාරයෙන් පිළිපදින ලෙස පොලිස් අධ්‍යක්ෂ ජනරාල්-මෙහෙයුම්, බ්‍රිගේඩියර් ආචාර්ය මොහොමඩ් සයිඩ් අල්- හමේඩි රියදුරන්ගෙන් ඉල්ලීමක් කළේය. 
 
 
ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)

 


RECOMMEND POSTS