වායු බැලුනයක් කඩාවැටීමෙන් 6කට තුවාල




සජා නගරයට ආසන්න කාන්තාර ප්‍රෙද්ශයක් වන අල්-මඩම් ප්‍රෙද්ශයේ ඉහල අහසේ ගමන්කල වායු බැලූනයක් සෙනසුරාදා දින (ජන:21) හදිසියේ කඩාගෙන වැටී ඇත. 

මෙහි ගමන් කල යුරෝපීය ජාතිකයින් 6දෙනෙක් සහ එක් ආසියාතිකයෙක් බරපතල තුවාල ලබා ඇති අතර ඔවුන් ප්‍රතිකාර සදහා රෝහල් ගතකර ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කලේය. 

නමුත් කුමන ජාතිකයින්ද යන්න මෙතෙක් හෙලිකර නොමැත. 

සජා පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වන අතර මෙසේ කඩාවැටීමට හේතුව සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකරනු ඇත. 

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)
ජානක ප්‍රියදර්ශන ජයතිලක


RECOMMEND POSTS