ව්ලැදීමීර් පුටින් බලයට ඇවිල්ලා අවුරුදු 20 ක්



රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් රුසියාවට නායකත්වයට පැමිණ වසර 20 ක් සපිරෙන බව එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. 

පුටින්, හිටපු කේජීබී රුසියන් ඔත්තු සේවා ප්‍රධානියෙකි. පුටින් වැඩ බලන අග්‍රාමාත්‍යවරයා බවට පළමුවෙන් පත් වූයේ 1999 වසරේදීය. පුටින් එම ධුරයට පත් කළේ රුසියාවේ හිටපු ජනාධිපති බොරිස් යෙල්සිංන් ය.

ඉන්පසු රුසියාවේ ජනාධිපති ලෙසත්, අගමැති ලෙසත් යළි ජනාධිපති ලෙසත් මැතිවැණවලින් තේරී පත් විය. ජනපති ධුරයේ කටයුතු කරද්දී පුටින් රුසියානු ව්‍යවස්ථාව වෙනස් කළ අතර අද රුසියාවේ අසහාය නායකයා බවට ඔහු පත් වී සිටී.

2000 ජනාධිපතිවරණයෙන් සියයට 84 ක ජනතා ප්‍රසාදයක් දිනා ගැනීමට පුටින්ට හැකිවිය. එදා සිට මේ දක්වා එම ප්‍රතිශතය සියයට 60 කට වඩා පහළ වැටී නැති බව රුසියන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

මොස්කව්හිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS