වළයාකාර සූර්යග්‍රහණය රටවල් රැසකට පෙනිලා

මෙම වසරේ අවසන් සූර්යග්‍රහණය අද (26) ශ්‍රී ලංකාවේ අපට පමණක් නොව, ආසියානු සහ මැදපෙරදිග රටවල් රැසකට දිස්විය.
මෙය 2019 වසරේ අවසන් සූර්යග්‍රහණය ලෙස නාසා ආයතනය හඳුන්වා දී තිබුණි. වයඹදිග ඕස්ටේ්රලියාවට, නැගෙනහිර අප්‍රිකාවට ඉන්දීය සාගරයේ රටවලට, ආසියාවට සහ නැගෙනහිර යුරෝපයට සූර්යග්‍රහණය දිස්වූයේ වළයාකාර හෝ අර්ධ වළයාකාර සූර්යග්‍රහණයක් ලෙසිනි.
සූර්යග්‍රහණයක් යනු පෘථිවිය සහ සූර්යයා අතරට සඳ එසේත් නැතිනම් චන්ද්‍රයා පැමිණීමය. චන්ද්‍රයාගෙන් සූර්යයා වැසී යද්දී, සූර්ය ග්‍රහණය සිදුවෙයි. සාමාන්‍යයෙන් වසරකට සූර්යග්‍රහණ පහක් පමණ දකින්න ලැබේ. කෙසේ නමුත් ඒවා පෘථිවියේ විවිධ රටවලට දිස්වන්නේ කලාතුරකිනි.
සාමාන්‍යයෙන් පූර්ණ සූර්යග්‍රහණයක් සෑම මාස 18 කට වරක් සිදුවෙයි. ලබන වසරේ මේ අයුරින් වළයාකාර සූර්ය ග්‍රහණයක් දකින්න ලැබෙන්නේ 2020 ජූනි 21 වැනිදා බවත්, පූර්ණ සූර්යග්‍රහණයක් දකින්න ලැබෙන්නේ 2020 දෙසැම්බර් 14 වැනිදා බවත් නාසා ආයතනය පවසා ඇත.
නාසා ආයතනයේදීය (ඒ.එෆ්.පී.)

