වසරක් පුරා සුඩානයට හදිසි නීතිය



වසරක කාලයක් හදිසි නීතිය පැනැවීමට සුඩාන ජනාධිපති ඕමාර් අල් බෂීර් නියෝග කර ඇත. ඒ, සිය කැබිනට් මණ්ඩලය සහ පළාත්සභා විසුරුවා හරිමිනි.

සුඩානයේ දේශපාලන අර්බුදයක් නිර්මාණය වී ඇත. ඉකුත් දෙසැම්බරයේ සිටි 75 හැවිරිදි ජනාධිපති බෂීර්ට ධුරයෙන් ඉවත් වෙන්නැයි ජනතාව විරෝධතා පවත්වයි.

ඕමාර් අල් බෂිර් සුඩානයේ ජනපති ධුරය හොබවන්නේ දශක තුනක කාලයක් තිස්සේය. තමන්ට විරෝධය දක්වමින් ආරම්භ වී ඇති විරෝධතා වහා නවත්වා පවතින දේශපාලන අර්බුදය විසඳීමට සාකච්ඡා පවත්වන්නැයි ජනාධිපතිවරයා සෙසු පක්ෂවලින් ඉල්ලා සිටී.

රටේ අනාගතය සහ තරුණ පරපුර කෙරෙහි මුල්තැන දී කටයුතු කරන්නැයි ජනපතිවරයා වැඩිදුරටත් කියා සිටී.

(අල් ජසීරා)

 


RECOMMEND POSTS