වසර පහකට පෙර සෞදියට ආ පලනියන්දි අතුරුදන්...?

නුවරඑළිය තලවකැලේ පදිංචිව සිට මීට වසර පහකට පමණ පෙර (ජා.හැ. පත් අංක 778464144v) කොළඹ අල්අහ්රම් විදේශ රැකියා ආයතනයෙන් සෞදි අරාබියේ ගෘහ සේවිකාවක් ලෙස පැමිණි සින්නය්ය පලනියන්දී නමැති 39 හැවිරිදි කාන්තාව පිලිබදව මෙතෙක් කිසිදු තොරතුරක් නැති බව ඇයගේ පවුලේ සාමාජිකයෝ පවසති.
සෞදි රියාල් 750 ක වැටුපකට මෙහි පැමිණ ඇති පලනියන්දී නමැති මෙම කාන්තාව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ SC016287 ලියාපදිංචි වී ඇත්තේ FJUL/2 සහ BANK SLIP NO;PBA/A/577522-PBA යටතේ වන අතර ගුවන් ගතවී ඇති දිනය ලෙස 2012.07.05 ලෙස ලේඛන වල සදහන්වේ සෞදි අරාබියේ අධාල හාම්පුතාගේ සියලු තොරතුරු ලේඛන ගතව ඇති අතර සෞදි අරාබියට ගෙන්වන ලද රැකියා ආයතනය ලෙස රියාද්හි නජ්මාත් අල් බාඩර් මන්පවර් ලෙස සදහන්ව ඇත. එම ආයතනයේ සියලු දත්ත ශ්‍රී ලංකා විදේශ සේවා කාර්යාංශය සතුව ඇති බව එම ලේඛනයේ සදහන්ව ඇත.
මෙම කාන්තාවගේ පවුලේ සාමාජිකයින් පවසන ආකාරයට වසරක පමණ කාලයක් තම ලංකාවේ නිවාස සමග සම්බන්ධතා පවත්වා ඇති පලනියන්දි ඉන් පසුව මේ වන තෙක් කිසිදු තොරතුරක් නැති බව පවසයි,වසර 2015 දී ඇය පිළිබඳව සිය ඥාතීන් විසින් කාර්යාංශය වෙත පැමිණිලි කර ඇති නමුත් මේ වනතෙක් ඇය පිළිබඳව තොරතුරක් සොයාගෙන නොමැත.
මෙම කාන්තාව පිළිබඳව මා විසින් මිට මාස දෙකකට පෙර රියාද් පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාංශයේ අදාළ කම්කරු නිලධාරින් වෙත දන්වා කිහිප වරක් සිහිපත් කළද ඔවුන් පවසනුයේ ඒ පිළිබඳව සොයා සොයා බලන බවත් අදාළ නිවසේ හාම්පුතා දුරකථන ඇමතුම් භාර නොගන්නා බවත් කාර්යාලයේ භාෂා පරිවර්තක මගින් සොයා බැලීමට පියවර ගන්නා බවත්ය. කෙසේ වුවද මෙතෙක් තානාපති කාර්යාලය ඇය පිළිබදව කිසිදු තොරතුරක් සොයා ගෙන නොමැත.
මෙම කාන්තාව පිළිබදව සියලු තොරතුරු තානාපති කාර්යාලය සතුව ඇති නමුත් කාර්යාලයේ නිලධාරින් හට මෙම කාන්තාව පිළිබදව සොයා බැලීමට නීතිමය බලයක් නොමැති කමද එසේත් නැත්නම් නිලධාරින් හට වුවමනාවක් නොමැතිකම දැයි විමසිය යුතුව ඇත.
ලලිත් ප්‍රේමලාල් ..
25.09.2016

