වයිරසයට බිලිවුණු ගණන 811 ට නගී



චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරින් ආරම්භ වී, ලොව පුරා පැතිරෙන නව කොරෝනා වයිරසයට බිලිවුණු ගණන මේ වනවිට 811 තෙක් ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ. වයිරසය ආසාදිත රෝගීන් ගණන 37,198 ක් යැයි පැවසිණි.

වයිරසය ආසාදනය වී, චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවර රෝහල්ගතව සිටි ජපන් සහ ඇමෙරිකන් ජාතිකයකු මියගිය බව චීන සෞඛ්‍ය බලධාරීන් පවසා ඇත. නව කොරෝනා වයිරසය හේතුවෙන් චීනය තුළ විදේශිකයන් මියගිය පළමු අවස්ථාව මෙයයි. වූහාන් නුවර රෝගීවී සිටි තම වැසියන් මියගිය බව ජපානයත් ඇමෙරිකාවත් තහවුරු කර තිබේ.

බීජීංහිදීය (රොයිටර්)


RECOMMEND POSTS