වයිරසයට බිලිවුණු ගණන 722 යි



චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරින් ආරම්භ වී, ලොව පුරා පැතිරෙන නව කොරෝනා වයිරසයට බිලිවුණු ගණන අද (8) වනවිට 722 දක්වා ඉහළ ගොස් තිබුණි. කොරෝනා වයිරසය ආසාදිත රෝගීන් ගණන 34,546 ක් බව පැවැසිණි.

වයිරසය ආසාදනය වී, චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවර රෝහලක සිටි ජපන් ජාතිකයකු මියගිය බව චීනයේ බීජිං නුවර පිහිටි ජපන් තානාපති කාර්යාලය පවසා ඇත. නව කොරෝනා වයිරසය ආරම්භ වූයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙනි. මෙම ජපන් ජාතිකයා මියගොස් ඇත්තේ නිව්මෝනියා තත්ත්වයෙන් යැයි වූහාන් වෛද්‍යවරුන් පවසා තිබේ.

(අල් ජසීරා)


RECOMMEND POSTS