වයිරසයට එරෙහිව පැරැණි බෙහෙත්

‘කෝවිඞ් 19’ යන නිල නාමයෙන් හැඳින්වෙන නව කොරෝනා වයිරස ආසාදිතයන්ට, වසර 2,000 ක් පැරැණි දේශීය බෙහෙත් ලබා දීමට චීන වෛද්‍යවරුන් පියවර ගන්නා බව ‘ඬේලිමේල්’ පුවත් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.
චීනය ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයකට හිමිකම් කියන ආසියාවේ ප්‍රබල රාජ්‍යයක් වන අතර, චීනයේ පුරාණ බෙහෙත් වට්ටෝරුවල ඇති වයිරසවලට එරෙහිව සටන් කිරීමේ ගුණය චීන බටහිර වෛද්‍යවරුන්ගේ අවධානයට ලක් අවසන්ය.
පැරැණි බෙහෙත් වර්ග අත්හදා බැලීම් ලෙස යොදා ගනිමින් වයිරස ආසාදිතයන්ට ප්‍රතිකාර ලබා දීමට උත්සහ ගන්නේ වයිරදය පැතිර යෑම ආරම්භ වුණු හුබෙයි පළාතේ වූහාන් නගරයේ වෛද්‍යවරුන්ය. වයිරසය හේතුවෙන් මියගිය සහ රෝගීවූවන් වැඩි දෙනකු සිටින්නේ ද වූහාන් නුවර කේන්ද්‍ර කොට ගනිමිනි.
‘කෝවිඞ් 19’ මර්දනයට කිසිදු ප්‍රතිකර්මයක් නොමැති බැවින්, ඔවුන් පුරාණ බෙහෙත් වට්ටෝරු අත්හදා බලමින් රෝගීන්ට සුවපත් කර ගැනීමට උත්සාහ ගනිමින් සිටින බව වාර්තා වේ.
බීජීංහිදීය (ඬේලිමේල්)

