වයිරසයට එරෙහි චීන එන්නතක්

‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයට එරෙහිව නිර්මාණය කළ එන්නතක් සායනික අත්හදා බැලීම් සඳහා යොදා ගන්නැයි චීන වෛද්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ.
ඒ අනුව, මෙම නව එන්නත මෙම සතියේ ‘කෝවිඞ් 19’ වයිරස ආසාදිතයන් කිහිප දෙනකුට එන්නත් කරන බව ද පැවැසෙයි. වයිරසය එන්නත් කිරීම සිදුවන්නේ එය ලබා ගැනීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන ආසාදිතයන්ට යැයි චීන විද්‍යා ඇකඩමිය පවසයි.
නව එන්නත නිර්මාණය කර ඇත්තේ ද චීන වෛද්‍ය ඇකඩමියේ පර්යේෂකයන්ය. ඒ, හොංකොං ජෛව තාක්ෂණ ආයතනයක් වන ‘කැන්සිනො බයොලොජික්’ සමාගමේ ද අධීක්ෂණය යටතේ යැයි පැවැසෙයි.
බීජීංහිදීය (රොයිටර්)

