වයිරසයට එන්නතක් කඩිමුඩියේ හදන්න බෑ
‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය මැඬලීමට කඩිමුඩියේ එන්නතක් හෝ ඖෂධයක් හෝ නිපදවීම කළ නොහැකි යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා තිබේ.
එහෙයින්, එන්නතක් ගැන හෝ ඖෂධයක් ගැන හෝ බලාපොරොත්තුවක් තබා නොගෙන වයිරස ව්‍යාප්තිය පාලනය කර ගැනීමට හැකි සෑම පියවරක්ම ගන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී ඇත.
වයිරසය මැඬලීමේ එන්නත් නිපදවීමට ලොව රටවල් රැසක් මේ වනවිට කටයුතු කරමින් සිටී. එසේ නිපදවන එන්නක් සාර්ථක වී, අත්හදා බැලීමෙන් පසු ආසාදිතයන්ට ලබා දීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිවනු ඇත්තේ ද මාස 18 කට පසුවය.
මේ අතර, චීනය විසින් ‘කොවිඞ් 19’ වයිරසයට එරෙහිව නිපදවූ නව එන්නත අසාර්ථක බව වාර්තා වේ. ඉබෝලා වයිරස නාශකයක් ලෙස නිපදවා ඇති ‘රෙම්ඩෙසවියර්’ ඖෂධය ‘කොවිඞ් 19’ පමණක් නොව, වෙනත් මාරක කොරෝනා වයිරස වන සර්ස් සහ මර්ස් මර්දනයට සුදුසු බව පෙනී ගියත්, එය ද අසාර්ථක වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පැහැදිලි කර තිබේ.
ජිනීවාහිදීය (රොයිටර්)

