වයිරසය 304 ක් බිලිගනී

චීනයෙන් හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ආරම්භ වී, ලොව රටවල් 26 ක් පුරා පැතිරුණු නව කොරෝනා වයිරසයෙන් මියගිය සංඛ්‍යාව අද (2) වනවිට 304 තෙක් ඉහළ ගොස් ඇත. වයිරසය ආසාදනය වූ සංඛ්‍යාව 14,549 කි.
ගතවුණු පැය 24 ක කාලයේ වයිරසය ආසාදනය වූ නව රෝගීන් 2,590 ක් හමුවී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනයක සඳහන් විය.
වයිරසය ආසාදිත රෝගීන් වැඩි ප්‍රමාණයක් හමුවී ඇත්තේත්, මරණ වාර්තා වී ඇත්තේත් චීනයෙන් පමණි. රෝගය ආසාදනය වී රෝහල් ගතව සිට සම්පූර්ණ සුවය ලැබූ 340 ක් රෝහල්වලින් පිටව ගොස් ඇතැයි ද වාර්තා වේ.
වූහාන්හිදීය (ඒ.එෆ්.පී.)

