වඩාත් උතුරින්ම පිහිටි දූපත



ලොව වඩාත් උතුරු දෙසට වන්නට පිහිටි දූපතක් ඩෙන්මාර්ක විද්‍යාඥයන් විසින් සොයා ගනු ලැබ තිබේ.

මෙම දූපත පිහිටා ඇත්තේ උත්තර ධ්‍රැවයට වඩාත් ආසන්නයේය. දූපත සොයා ගෙන ඇත්තේ පසුගිය ජූලි මාසයේ කළ සාගර ගවේෂණයකදීය.

මේ වනතුරු ලොව වඩාත් උතුරු දෙසට වන්නට, උත්තර ධ්‍රැවයට ආසන්නයේ පිහිටි දූපත ලෙස සැලකුණේ 'ඕඩැක්' නමැති දූපතය. මෙම දූපත සොයා ගැනීම සිදුවූයේ 1978 දීය.

'ඕඩැක්' පිහිටා ඇත්තේ ග්‍රීන්ලන්තයට ඔබ්බෙනි.

ගවේෂණ කණ්ඩායමට සම්බන්ධ විද්‍යාඥයන් පළමුවෙන් සිතා ඇත්තේ ඔවුන්ට හමුවුණු නව දූපත 'ඕඩැක්' දූපතට අයත් භූමි ප්‍රදේශයක් කියාය.

කෙසේ නමුත් එය වැරදි බවත්, 'ඕඩැක්' දූපතට සම්බන්ධයක් නැති තවත් දූපතක් ඊට ඉදිරියෙන් ඇති බවත් ඒ අනුව පැහැදිලි විය.

'ඕඩැක්' දූපත, මෙම නව දූපත පමණක් නොව, ග්‍රීන්ලන්තයේ විශාල භූමි ප්‍රදේශයක් ද අයත් වන්නේ ඩෙන්මාර්කයටය. නව දූපතට මෙතෙක් නමක් යොදා නොමැති බවත් එම කටයුතු ඉදිරියේ දී සිදුවනු ඇති බවත් පැවැසෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS