ලෝකයේ ප්‍රථම ගුවන් තොටුපොළ ඉරාකයේ



ලෝකයේ ප්‍රථම ගුවන් තොටුපළ ඉරාකය තුළ ඉදිකළ බවට ඉතිහාසඥයින් තහවුරු කර ගත් බව ඉරාකයේ ප්‍රවාහන අමාත්‍ය කසීම් ෆින්ජෑන් මහතා ප්‍රකාශ කර ඇත.

එය ක්‍රිස්තු පූර්ව පනද්හසකට පෙර ඉරාකයේ සිටි සුමේරියානු ශිෂ්ඨාචාරය තුළ ඉදිකරන ලද්දක් බව ඉරාක ප්‍රවාහන අමාත්‍යවරව දකුණු ඉරාකයේ දොහි කර් ප්‍රාන්තයේ අද (02) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර ඇත.

එම මාධ්‍ය හමුවේදී ඉරාක අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කර ඇත්තේ ප්‍රථමවරට ලෝකයට අභ්‍යවකාශ ගමනාගමනය පවා හදුන්වා දුන්නේ අතීතයේ ඉරාකයේ පැවති සුමේරියානුවන් විසින් බවය. එසේම සෞරග්‍රහ මණ්ඩලයට අයත් ප්ලූටෝ ග්‍රහයා සොයා ගත්තේ නාසා ආයතනය බවට ඔවුන් ප්‍රකාශ කළ එය අසත්‍යයක් බවත් , එය සත්‍ය වශයෙන්ම සුමේරියානුවන් ගේ නව සොයා ගැනීමක් බවද ඉරාක ප්‍රවාහන අමාත්‍යවරයා කියා සිටියේය.

ඉරාක අමාත්‍යවරයා එම මාධය හමුවේදී අවධාරණය කර සිටියේ සුමේරියානු විද්වතුන් විසින් ලෝකය සදහා සිදු කළ නව සොයා ගැනීම් ඇතුළු ඔවුන් සිදු කළ විශ්මිත නිර්මාණ  පිළිබදව නූතන සමාජයට හෙළිදරව් කළ යුත= කාලය පැමිණ ඇති බවය.

සුමේරියන්වරුන් යනු  ක්‍රි.පූ 2,700-2,400 දී ඉරාකය තුල දන්නා පැරණිතම ශිෂ්ඨාචාරය නියෝජනය කළ ජන කොට්ඨාසයන්ය.

තිළිණි ද සිල්වා

(කලීජ් ටයිම්ස්  ඇසුරෙනි.)


RECOMMEND POSTS