ලෝක සෞඛ්‍ය සම්මේලනයට තායිවානය ?

මේ වසරේ ලෝක සෞඛ්‍ය සම්මේලනයට තායිවානය ඇතුළත් කරන්නැයි ජීනිවා නුවර එක්සත් ජාතීන්ගේ කාර්යාලයට පත් කර සිටින ඇමෙරිකා එක්සත් ජනපද නියෝජිතවරිය ඉල්ලීමක් කර ඇත.
ලෝක සෞඛ්‍ය සම්මේලනයේ වාර්ෂික සැසිය ආරම්භ වීමට නියමිතව තිබියදී ඇය මෙම ඉල්ලීම කළාය.
ජීනිවා නුවර එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ඇමෙරිකානු තානාපතිනිය ලෙස කටයුතු කරන්නේ ෂීබා ක්‍රොකර් ය.
තායිවානය මෙලෙස ලෝක සෞඛ්‍ය සම්මේලනයට ඇතුළත් කිරීමෙන් ඔවුන්ට එහි ලෝක මට්ටමේ විශේෂඥතාව සහ සෞඛ්‍ය සේවා සම්බන්ධයෙන් තිබෙන ශක්තිමත් පර්යේෂණ ධාරිතාවලින් ප්රතිලාභ ලැබිය හැකි යැයි ද ඇය පැවැසුවා ය.
ලෝක සෞඛ්‍ය සම්මේලනය මැයි 22 වැනිදා ආරම්භ වූ අතර මැයි 22 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත ය.
සම්මේලනය ආරම්භ වීමට පෙර ඇය මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබිණි.
මීට ප්‍රතිචාර දක්වමින් තායිවාන විදේශ අමාත්‍යාංශය ඇයට ස්තූතිය පළ කර තිබිණි.
(ඒ.එන්.අයි)

