ලෝක සෞඛ්‍ය සංවිධානයට දෙන ආධාර නවත්වයි

ලෝක සෞඛ්‍ය සංවිධානයට ඇමෙරිකාව ලබා දෙන මූල්‍ය ආධාර තාවකාලිකව අත්හිටුවීමට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් තීරණය කළේය.
ඇමෙරිකන් ජනාධිපතිවරයා මෙම තීරණය ගත්තේ, ‘කොවිඞ් 19’ වයිරසය මුල්කොට ගනිමින් ලෝක සෞඛ්‍ය සංවිධානය සිය වගකීම් පැහැර හැර ඇති බව පෙන්වා දෙමිනි.
ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ ලෝක සෞඛ්‍ය සංවිධානය අතරේ ගැටුමක් පවතී.
පසුගිය දෙසැම්බරයේ චීනයෙන් ආරම්භ වුණු ‘කොවිඞ් 19’ වයිරසය ගෝලීය වසංගතයක් ලෙස නම් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය අදිමදි කළ බැවින් එය ඇමෙරිකාවට විශාල බලපෑමක් එල්ල කළේ යැයි ජනපති ට්‍රම්ප්ගේ අදහසය. ලෝක සෞඛ්‍ය සංවිධානය, චීනයට පක්ෂපාතීව තීන්දු තීරණ ගත්තේ යැයි ජනපති ට්‍රම්ප් චෝදනා කර තිබේ.
මෙම චෝදනා සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා ඇති ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී ඇත්තේ, ‘කොවිඞ් 19’ වසංගතය නිසා හටගත් අර්බුදය දේශපාලනීකරණය කිරීමෙන් වළකින ලෙසත් සෑම රටක්ම එක් වී වසංගතය මැඬලීමට මුහුණ දිය යුතු බවත්ය.
මේ වනවිට ඇමෙරිකාවේ ‘කොවිඞ් 19’ ආසාදිතයන් ගණන මේ වනවිට ලක්ෂ 6 පසු කර තිබේ. මරණ සංඛ්‍යාව 25,000 පසු කර තිබේ. ගතවුණු පැය විසි හතරේදී පමණක් ඇමෙරිකාවේ මියගිය ගණන 2,129 ක් යැයි වාර්තා විය.
(රොයිටර්)

