ලෝක නායකයන්ට පුටින්ගෙන් අනතුරු

යුක්රේනයට සහාය පළ කරමින්, රුසියාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ඕනෑම බටහිර රටකට, ක්ෂණික ප්‍රහාරයක් එල්ල කිරීමට පසුබට නොවන බව රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අනතුරු ඇඟවීමක් කර තිබේ.
රුසියන් ජනාධිපතිවරවයා මෙසේ පැවැසුවේ ශාන්ත පීටර්ස්බර්ග් නුවරදී රුසියන් අමාත්‍ය මණ්ඩලය ආමන්ත්‍රණය කරමිනි.
රුසියාවේ ආරක්ෂාවට තර්ජනයක් වන ඕනෑම බටහිර රටක් පහර දී අකර්මණ්‍ය කිරීමට සියලු සැලැසුම් සකස් කර ඇතැයි ද අමාත්‍ය මණ්ඩලය හමුවේ ජනාධිපති පුටින් පෙන්වා දී තිබේ.
'යුක්රේනයේ දැන් පවතින තත්ත්වයට බාහිරින් කිසියම් පාර්ශ්වයක් සම්බන්ධ වෙනවා නම්; ඔවුන් දැන සිටිය යුතුයි රුසියාව ඊට ක්ෂණික ප්‍රතිචාර දක්වනවා' යැයි රුසියන් ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.
(රොයිටර්)

