ලෝක නායකයන්ට ට්‍රම්ප් හලෝ කියලා



ගෝලීය අර්බුද සම්බන්ධයෙන් ඇමෙරිකාවේ නව ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ රටවල් කිහිපයක රාජ්‍ය නායකයන් අතරේ සාකච්ඡා පැවැත්වුණු බව ධවල මන්දිරය කියයි.

ට්‍රම්ප් දුරකතන ඇමැතුම් දී ලෝක නායකයන් සමඟ සාකච්ඡා කර ඇත්තේ ගෝලීය ත්‍රස්තවාදය, මැදපෙරදිග අර්බුදය, අරාබි රටවල අවි ගැටුම්, ඉරාන න්‍යෂ්ටික වැඩසටහන, උතුරු සහ දකුණු කොරියානු අර්බුදය සහ යුක්රේනයේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙනි.

ට්‍රම්ප්ගෙන් ඇමැතුම් ලැබුණු ලෝක නායකයන් අතරේ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ද සිටී. සෙසු රාජ්‍ය නායකයන් අතරේ ජපන් අගමැති ෂෙන්සෝ අබේ, ජර්මනියේ චාන්සල්වරිය ඇන්ජෙලා මාකෙල්, ප්‍රංශ ජනාධිපති ෆ්‍රන්සුවා ඕලන්ද් සහ ඕස්ටේ්‍රලියා අගමැති මැල්කම් ට්‍රර්න්බුල් සිටින බව වාර්තා වේ.

ජනපති ධුරයට පත්වීමෙන් පසු ට්‍රම්ප් රුසියන් ජනාධිපති පුටින් ඇමැතූ පළමු අවස්ථාව මෙය විය. ඇමෙරිකාවේ 45 වැනි ජනාධිපති ධුරයට ට්‍රම්ප් පත්වීම සම්බන්ධයෙන් රුසියන් ජනාධිපති පුටින් ට්‍රම්ප්ට සුබ පැතීමට පවා අමතක නොකළේය.

 

(රොයිටර්)


RECOMMEND POSTS