ලොස් අන්ජලීස් නුවර අලුත් ළැව් ගින්නක් පැතිරේ
කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් නුවර සතියක් තිස්සේ පැතිර යන ළැව් ගිනිවලට අමතරව ඊයේ (14) දිනයේ අලුත් ළැව් ගින්නක් හටගත් බව ගිනි නිවන භටයෝ පවසති.
මෙම නව ළැව් ගින්න හටගෙන ඇත්තේ ලොස් ඇන්ජලීස් වෙන්චූරා පළාතෙනි. මෙය ගිනි නිවන භටයන් නම් කර ඇත්තේ ‘ඔටෝ ෆයර්’ යනුවෙනි. ඊයේ (14) සවස් වද්දී ‘ඔටෝ ෆයර්’ ළැව් ගින්න අක්කර 56 ක භූමි ප්‍රදේශයක් පුරා ව්‍යාප්ත වී තිබුණි.
ලොස් ඇන්ජලීස් ළැව් ගිනි ආරම්භ වූයේ පසුගිය 7 වැනිදාය. රට අභ්‍යන්තරයේ සිට මුහුද දෙසට හමන සුළං හේතුවෙන් ළැව් ගිනි ව්‍යාප්තිය දරුණු විය. පවතින වියළි කාලගුණය සහ වියළි සුළං හේතුවෙන් ගිනි නිවන භටයන්ට ළැව් ගින්න පාලනය කර ගැනීමට නොහැකි විය.
‘සැන්ටා ඇනා’ සුළංවල තවමත් අඩුවක් දකින්න ලැබී නොමැති බවත් ඉදිරි පැය 24 ක කාලයේ ද පැයට කිලෝ මීටර් 100 ත් 130 ත් අතරේ සුළං ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යාඥයන් අනතුරු අඟවා ඇත.
(ඒ.එෆ්.පී.)