ලොව පුරා කොරෝනා ආසාදිතයෝ මිලියන 52 ක්



ලොව පුරා ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් ගණන ඊයේ (12) වනවිට මිලියන 52 පසු කළේය. කොරෝනා ආසාදනය වී මියගිය ගණන 1,287,051 කි.

තවමත් ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් වාර්තා වන්නේත් මරණ වාර්තා වන්නේත් ඇමෙරිකාවෙනි. මේවනවිට යුරෝපා රටවල ද කොරෝනා දෙවැනි රැල්ලක් හටගෙන ඇති අතර, රටවල් රැසක් ලොක් ඩවුන් කිරීමට පියවර ගෙන තිබේ.

ඊයේ (12) වනවිට ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදයේ කොරෝනා ආසාදිතයන් ගණන මිලියනය පසු කළේය. ඇමෙරිකා ජනපදයකින් කොරෝනා ආසාදිතයන් මිලියනයක් වාර්තා වූ දෙවැනි අවස්ථාව මෙයයි. මීට පෙර ආසාදිතයන් මිලියනයක් වාර්තා වූයේ ටෙක්සාස් ජනපදයෙනි.

මේ වනවිට ජර්මනියේ ‘බයෝ ඇන් ටෙක්’ සහ ඇමෙරිකාවේ ‘ෆයිසර්’ යන ඖෂධ සමාගම් එක් වී නිපදවා ඇති ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස මර්දන එන්නත ඇණවුම් කිරීමට බ්‍රසීලය, ඉතාලිය ඇතුළු රටවල් රැසක් පියවර ගෙන ඇත.

ජිනීවාහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS