ලොව පුරා 11,000 ක් වයිරසයට බිලි
‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය බිලිවුණු ගණන මේ වනවිට 11,399 ක් යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ වාර්තාවල දැක්වෙයි. වයිරස ආසාදිතයන් ගණන 2,75,484 කි.
චීනයෙන් පිට වයිරසය පැතිර යන්නේ ඉතාලිය, ස්පාඤ්ඤය ඇතුළු යුරෝපා රටවලය. යුරෝපා රටවල පමණක් වයිරස මරණ ගණන 5,000 පසු කර ඇත.
ඊයේ (20) ඉතාලියේ මරණ 627 ක් වාර්තා විය. ‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් එක් දිනක වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව එය යැයි පැවැසෙයි.
ස්පාඤ්ඤයේ මරණ සංඛ්‍යාව අද (21) වනවිට 1,093 දක්වා ඉහළ ගොස් ඇති බවත් ස්පාඤ්ඤයේ ආසාදිතයන් සංඛ්‍යාව 21,571 ක් බවත් පැවැසෙයි.
(රොයිටර්)

