ලොව අනාරක්ෂිතම රට ඇෆ්ගනිස්තානය



තලේබාන් පාලනය යටතේ පවතින ඇෆ්ගනිස්තානය, ලොව අනාරක්ෂිතම රටවල් අතරින් අංක ස්ථානයට පත් වී ඇතැයි ‘ගැලුප්ස් නීතිය හා සාමය’ ගෝලීය දර්ශකය පවසයි.

‘ගැලුප්ස් නීතිය හා සාමය’ ගෝලීය දර්ශකය සකසා ඇත්තේ රටවල් 120 ක ආරක්ෂිත තත්ත්වය අධ්‍යයනය කිරීමෙනි. ඇමෙරිකා හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී යෑමෙන් පසු, තලේබාන්වරුන් රටේ බලය අල්ලා ගත්තේ 2021 වසරේදීය.

ඇෆ්ගන් පාලකයන් අමු අමුවේ මානව හිමිකම් උල්ලංඝනය කරන බවට මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින ජගත් සංවිධාන පෙන්වා දී ඇත. ඊට අමතරව, ‘ගෝලීය සාමකාමී රටවල්’ දර්ශකයේ පහළින්ම ඇත්තේ ද ඇෆ්ගනිස්තානයයි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS