ලූලා ද සිල්වා නිදහස්

අල්ලස් චෝදනා සම්බන්ධයෙන් වරදකරු වී, සිර දඬුවම් නියම වී සිටි බ්රසීලයේ හිටපු ජනාධිපති ලූලා ද සිල්වාට නිදහස හිමිවිය.
ලූලා ද සිල්වාට සිර දඬුවම් නියම වූයේ 2018 දීය. ඒ, වසර 8 ක් සහ මාස 10 ක කාලයක් සඳහාය.
ඒ, ඔහු ධුරයේ සිටිද්දී, රජයේ කොන්ත්රාත් ලබා දීමට පොරොන්දු වෙමින්, ඉන්ජිනේරු සමාගම්වලින් මුදල් ලබා ගත් බවට එල්ල වූ චෝදනාවලට වරදකරු වෙමිනි.
ලූලා ද සිල්වා මෙම චෝදනා තරයේ ප්රතික්ෂේප කළ අතර ඔහු පෙන්වා දුන්නේ එම චෝදනා දේශපාලන පළිගැනීම් බවය.
නිදහස ලැබූ හිටපු ජනාධිපතිවරයා අධිකරණය ඉදිරියේ රැස්ව සිටි සිය ආධාරකරුවන් වෙන ගොස් ඔවුන්ට ස්තුති කළේය. ඉදිරියේ දී රටවටා යමින්, දේශපාලන රැලි කිහිපයකට සහභාගීවීමට ලූලා ද සිල්වා සූදානමින් සිටින බව බ්රසීල පුවත් සේවා වාර්තා කරයි.
(අල් ජසීරා)

