ලිස් ට්‍රස් ඉදිරියෙන්

මහා බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍ය ධුරය එරට විදෙස් ඇමැතිනී ලිස් ට්‍රස්ට හිමිවනු ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිවන්නේ, පාලක පක්ෂයේ නායකයාටය. වර්තමානයේ පාලක පක්ෂය ලෙස කටයුතු කරන්නේ කොන්සවර්ටිව් පක්ෂයයි.
47 හැවිරිදි ලිස් ට්‍රස් ට අග්‍රාමාත්‍ය ධුරය හිමිවනු ඇත්තේ පක්ෂ: නායකත්ය සඳහා පැවැති ඡන්ද විමසුමෙන් ඇය ඉදිරියට පැමිණීමට සමත් වී ඇති බැවිනි.
කොන්සවර්ටිව් පක්ෂ නායකත්වය සඳහා තරගය පැවැත්වූයේ ලිස් ට්‍රස් සහ 42 හැවිරිදි රිෂී සුනාක් අතරේය.
(රොයිටර්)

