ලිබියාව එක්සත් කරන්න උදව් කරනවා: රුසියාව කියයි

ගඩාෆි පාලනය අවසන්වීමෙන් පසු දේශපාලන අර්බුද රැසකට මුහුණ දී අස්ථාවර වූ ලිබියාව එක්සත් කිරීමට මැදහත්කරුවකු වීමට තමන් සූදානම් බව රුසියානු රජය පවසා ඇත.
ලිබියානු විපක්ෂය සහ ඊට සම්බන්ධ සන්නද්ධ කැරැලිකාර පාර්ශ්ව ගඩාෆි පාලනය පෙරළා දැමීමට එකමුතු වුවත්, ගඩාෆි මරා දමා ගඩාෆි රෙජීමය අවසන් කිරීමෙන් පසු, ඔවුහු ඔවුන්ගේ අවශ්‍යතා සහ පටු අරමුණු වෙනුවෙන් බෙදී වෙන්වූහ.
මේ වනවිට ලිබියාව අස්ථාවර වී ඇත්තේ හම සන්නද්ධ කැරැලිකරුවන් අතර පවතින බෙදීම නිසාය. අද අයි.එස්.අයි.එස්. ත්රස්තවාදීනහු ඔවුන්ගේ පුහුණු කඳවුරු පවත්වාගෙන යන්නේ ද ලිබියාවේය.
අසාර්ථක රාජ්‍යයක් ලෙස ඇමෙරිකාව ලිබියාව අමතක කර දැමුවත්, තමන්ට එසේ කළ නොහැකි බව රුසියානු විදේශ ඇමැති සර්ගේ ලැව්රෝව් පවසයි. ඔහු මෙසේ කියා සිටියේ ලිබියාවේ ස්ථාපිත කළ එක්සත් ජාතීන්ගේ අනුග්‍රහය ලබන රජයේ අගමැති ෆයේස් සෙරාජ් හමුවුණු අවස්ථාවේදීය. හමුව පැවැතියේ රුසියාවේ මොස්කව් නුවරදීය.
(ප්‍රෙස් ටීවී)

